ක්‍රීඩා

සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත්විය.

ඒ තරග එකට බිංදුවක් (1 – 0 )ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 406ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 293ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වු අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Related posts

මෙරට ක්‍රිකට් සමාජ වෙත මුල්‍යාධාර ලබාදීමට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් පළමු විස්සයි 20 තරගය අදයි

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

Leave a Comment