ක්‍රීඩා

මෙරට ක්‍රිකට් සමාජ වෙත මුල්‍යාධාර ලබාදීමට පියවර

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතය හමුවේ බලපෑමට ලක්වූ තෝරාගත් ක්‍රිකට් සමාජ වෙත රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල සහ යටිතල පහසුකම්වල ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා මාර්තු සහ අප්‍රේල් මාස වෙනුවෙන්, ක්‍රිකට් ක්‍රීඩාංගණ පවත්වාගෙන යන සිය සාමාජිකත්වය හිමි ක්‍රිකට් සමාජ සඳහා එම මුදල ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර බවයි.

තවද,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින දිස්ත්‍රික් සංචිතවල ක්‍රීඩකයින්ගේ සහ එහි කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ජීවනෝපායන් නගාසිටුවීම සඳහා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වලට වලටද රු. 150,000 ක්  ප්‍රදානය කිරීමට නියමිතයි.

එමෙන්ම, විනිසුරුවරුන්ගේ සංගම්වලට ද රුපියල් රු. 780,000 ක මූල්‍ය අත්තිකාරමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බව සඳහන්.

Related posts

ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ගැන දැනුම්දීමක්

Editor O

ලසිත් කණ්ඩායමට ඇතුළත් නොකිරීම ගැන මහේල කට අරී…

Mohamed Dilsad

ලසිත් මාලිංගට ඉදිරි IPL තරඟ කිහිපයක් අහිමි වෙයි..

Mohamed Dilsad

Leave a Comment