ක්‍රීඩා

ලසිත් කණ්ඩායමට ඇතුළත් නොකිරීම ගැන මහේල කට අරී…

(UTV| කොළඹ) – ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳින් ක්‍රීඩා කළ අයෙකු බව ශ්‍රී ලනකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

ක්‍රීඩා වෙබ් අඩවියක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

“ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ යුත්තක්. ඒත් මං හිතනවා ලසිත් මාලිංගට තාම හැකියාව තියෙනවා කණ්ඩායමට ක්‍රීඩා කරන්න. සමහර විට පෙර තිබ්බ දක්ෂතාවයන් පෙන්නුම් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපිට ඔහුගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්”.

“ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතාව හොඳ නම් ඔහුගේ දක්ෂතා බලන්න අපි ඔහුට අවස්ථාවක් ලබා දිය යුතුයි. ලසිත් වගේ ක්‍රීඩකයෙක් සංචිතයට ඇතුළත් කරගන්න පුළුවන් නම් අපිට අත්දැකීම් තියෙන පන්දු යවන්නකුගේ සේවය ලැබෙනවා. මං කොයිම වෙලාවකදීවත් කියන්නේ නෑ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් නිකන් සංචිතයේ ඉන්න ඕන කියලා. ඔහුගෙත් දක්ෂතා තිබිය යුතුයි”යනුවෙන් මහේල ජයවර්ධන පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අකිල ධනංජයට වසරක තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment