ක්‍රීඩා

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

(UTV | කොළඹ) – තමාව නිතරගයෙන් යළිත් සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකත්වයට ස්තූතිය පුද කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස අද අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත්වූ ශම්මි සිල්වා මහතා පවසයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක මේ පිළිබඳව සඳහන් විය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව නිතරගයෙන් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් මම සාමාජිකත්වයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඔහු සදහන් කර ඇත.

“මෙම ජයග්‍රහණය ඔස්සේ ක්‍රීඩාවේ දියුණුව සඳහා මගේ පෙර පරිපාලනය විසින් කරන ලද විශිෂ්ට සේවාව අපගේ පාර්ශවකරුවන් තේරුම් ගෙන ඇති බව ද සනාථ කරනවා” යනුවෙන් ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස තේරී පත් වුණේ රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්.

ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙස පත් විය. භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද නිතරගයෙන් තේරී පත් විය.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් මෙම නිළධාරී මණ්ඩලයේ ධූර කාලය බලපැවැත්වෙනු ඇති.

 

Related posts

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment