ක්‍රීඩා

කුමාර් සංගක්කාරට උපදේශක තනතුරක් හිමිවෙයි

(UTV| කොළඹ) – හිටපු නායක කුමාර් සංගක්කාරට මෙවර අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී උපදේශක තනතුරක් හිමිව ඇත.

ඒ අනුව අබුඩාබි කණ්ඩායමේ (Team Abu Dhabi) උපදේශක ලෙස ඔහු කටයුතු කිරීමට නියමිත බව එම කණ්ඩායම විසින් නිවේදනය කර ඇත.

තරගාවලිට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිත අතර, පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

තරගාවලියට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, අජන්ත මෙන්ඩිස් – පූනේ ඩෙවිල්ස්, ළහිරු කුමාර – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්,
චාමර කපුගෙදර – පූනේ ඩෙවිල්ස්, දසුන් ශානක – දිල්ලි බුල්ස්, මහේෂ් තීක්ෂණ – නොදන් වොරියර්ස්, අවිශ්ක ප්‍රනාන්දු – අබුඩාබි කණ්ඩායම, තිසර පෙරේරා – පූනේ ඩෙවිල්ස් (Icon player), ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස් (Icon player), භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, දුෂ්මන්ත චමීර – දිල්ලි බුල්ස්, නුවන් ප්‍රදීප් – නොදන් වොරියර්ස්.

 

 

Related posts

සීක්කුගේ ලොව දෙවන තැනට

Mohamed Dilsad

ප්‍රංශ ටෙනිස් ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරගය අද

Mohamed Dilsad

Leave a Comment