දේශීය

වූහාන්වල සිරවී සිටින සිසුන්ට ආහාර මෙරටින්

(UTV | කොළඹ) –  වූහාන් හි සිරවී සිටින ලාංකික සිසුන් අතරින් පිරිසකට රැස්කර ගත් ආහාර අවසන් වෙමින් පවතින හෙයින්, ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය විටමින් ඔවුන්ට සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

වූහාන් හි ඔවුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල සහ ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වලින් එම සිසුන්ට පිසූ ආහාර ලබා දෙන බවත්, එහෙත් එම සිසුන් මෙම ආහාර මගින් වෛරසය තමන් වෙත ද වැළදීම සිදුවිය හැකි යැයි සිතා , එම ආහාර ලබා ගැනීමට අකමැත්තක් දක්වන බවද කොළඹගේ මහතා පැවසීය .

ෙමම සිසුන් පිරිස කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා චීන රජය මෙන්ම හූබෙයි ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් සමඟ ද ශ්‍රී ලංකා රජය මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය .

Related posts

මසුන් අලෙවි කරගත නොහැකි වුවහොත් ධීවර සංස්ථාවෙන් විසඳුමක්

Mohamed Dilsad

බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

පිළි නොගත් එන්නතක් රටට ගෙන ඒම ඵල රහිතයි

Mohamed Dilsad

Leave a Comment