දේශීය

අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්

(UTV | කොළඹ) – ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ඇතිව අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය වෙත නොමිලේ දුරකථන ඇමතුම් ලබාගත හැකි සේවාවක් ජනවාරි මස 01 දින සිට ආරම්භ කර ඇත.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන අයෙකුට 800 119 119 අංකය මගින් කිසිදු මුදල් වැය කිරීමකින් තොරව තානාපති කාර්යාලය ඇමතිය හැක.

 

Related posts

රංජන් රාමනායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment