දේශීය

අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්

(UTV | කොළඹ) – ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ඇතිව අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය වෙත නොමිලේ දුරකථන ඇමතුම් ලබාගත හැකි සේවාවක් ජනවාරි මස 01 දින සිට ආරම්භ කර ඇත.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන අයෙකුට 800 119 119 අංකය මගින් කිසිදු මුදල් වැය කිරීමකින් තොරව තානාපති කාර්යාලය ඇමතිය හැක.

 

Related posts

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක්

Editor O

අද තවත් ආසාදිතයින් 255ක්

Mohamed Dilsad

Leave a Comment