දේශීය

IDH රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන ඉහලට

(UTV | කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මෙම රෝගීන්ගෙන් 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

වෛද්‍ය වාර්තා ලැබුණු තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තා වල සඳහන් වන බවත් අනෙක් දෙදෙනාට කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

Mohamed Dilsad

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

PHI වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment