දේශීය

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවිවීම නිසා ඒවායේ හිඟ තත්ත්වයක් ඇති වි තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසු සල් හිමිකරුවන්ව දැනුවත් කර ඇත්තේ මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට සහ අයෙකුට මුඛ ආවරණ පහක් පමණක් ලබා දීමට සීමා කරන ලෙසයි.

කොරෝනා වෛරසය  ව්‍යාප්තවීම පාලනය කිරීමට ඇති සාර්ථකම ක්‍රියා මාර්ගය මුඛ ආවරණ පැළඳීම බැවින් ඒවා පෙට්ටි වශයෙන් රැගෙන යන තත්ත්වයක් පවතින බව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය විය.

වෛද්‍ය කමල් ජයසිංහ මහතා කියා සිටියේ වෙළඳ පොළේ විශාල වශයෙන් මුඛ ආවරණ නොමැති බැවින් ඒවා අපනයනය කිරීමකින් තොරව වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසට මෙරට මුඛ ආවරණ නිශ්පාදනය කරනු ලබන ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි

මිට අමතරව ව්‍යාපාරිකයින්ට ඒ සඳහා කඩිනමින් ලියා පදිංචිය ලබා දෙන බවත් එම ආවරණ වැඩි මිලට අලෙවි කිරීමෙන් වැළය යුතු බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment