දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට පියවර

(UTV | කොළඹ) – සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික්, ඇලුමිනියම් උපාංග වැනි අත්‍යවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ආනයනය කර බෙදා හැරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල ගණන් වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇති අතර, එම මිල ගණන් පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා ගැනීම සඳහා ඉදිරියේදී මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පවසයි.

මේ අතර කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට පවතින රුපියල් බිලියන 122 ක මුදල, අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිරි හිඟ මුදල් සියල්ල ලබන වසරේ මුල් කාර්තුව තුල ගෙවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

Mohamed Dilsad

Leave a Comment