දේශීය

එම්.කේ. ශිවාජිලිංගම්ට වරෙන්තු නිකුත් කරයි

(UTV | මුලතිව්) –  උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේදී උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් සහ ටී. රවිහරන් යන දෙදෙනා විසින් ඉඩම් ඉල්ලා විරෝධතාවයක් පවත්වන ලද අවස්ථාවේදී ඒ අසලින් යාමට ගිය පළාතේ ඉඩම් නිලධාරියාට හා මිනින්දෝරු නිලධාරියාට බැන වැදීම තර්ජනය කිරීම ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම වාහන වලට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ මුලතිව් පොලීසිය විසින් ගොණු කරණ ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ශිවාජිලිංගම් අධිකරණයට පැමිණ නොසිටීම නිසා මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය නිකුත් කොට තිබේ.

2018 වසරේ පෙබරවාරි 23 වෙනිදා මේ සිද්ධිය සිදු වූ අතර මිනින්දෝරු නිලධාරියා හා ඉඩම් නිලධාරියා මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව චෝදනා එල්ල වූ හිටපු මන්ත්‍රීවරු දෙදෙනාම විමර්ශන කටයුතු සදහා පොලීසියට නොපැමිණි අතර පසුව ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මතුවූ පොකුර නිසා සමාජය අවධානමේ

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රී පිලිපීනයට

Mohamed Dilsad

Leave a Comment