දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇත.

මෙම වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

කෙහෙළිය සහ හිටපු SPC සභාපතිට නිදහස

Mohamed Dilsad

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment