දේශීය

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙස යාපනය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. තල්දූව පත් කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරණ ආකාරයට පොලිස් අධිකාරී ඞී.එම්. තිලකරත්න ඇමති ආරක්ෂක කොට්ඨාශයේ සිට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය වෙත මාරු කර යවා ඇති අතර, සහකාර පොලිස් අධිකාරී එච්.එම්. ලෙවන්ගම ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ සිට රත්නපුර කොට්ඨාශය වෙත මාරු කර යවා තිබේ.

මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Related posts

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

වෘත්තිකයන්ගේ බලපත්‍ර අවලංගුකර, වාහන ගෙන්වන්නේ, ජවිපෙ පක්ෂ කාඩර්වරුන්ට දෙන්නද..? – පාඨලී චම්පික

Editor O

ඉන්දීය ජාතිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment