දේශීය

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙස යාපනය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. තල්දූව පත් කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරණ ආකාරයට පොලිස් අධිකාරී ඞී.එම්. තිලකරත්න ඇමති ආරක්ෂක කොට්ඨාශයේ සිට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය වෙත මාරු කර යවා ඇති අතර, සහකාර පොලිස් අධිකාරී එච්.එම්. ලෙවන්ගම ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ සිට රත්නපුර කොට්ඨාශය වෙත මාරු කර යවා තිබේ.

මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Related posts

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Editor O

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

මාලිමාවේ 159 ට දෙවෙනි වතාවටත් දවල් තරු පෙනෙයි. – රවී කරුණානායක දෙවෙනි යෝජනාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්

Editor O

Leave a Comment