විදෙස්

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

(UTV | ඉන්දියාව) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය අසාදනය වූ රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ චීනයේ සංචාරයක නිරතව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මුම්බායිහි රෝහලක විශේෂිත ඒකකයකට ඇතුළත් කර ඇති බවයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ සහිත සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඒ අනුව උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය ආසාධනය වූවන් 830දෙනෙකු මේ වන විය චීනයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

හවායි ලැව්ගිනිවලින් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

අත්ලාන්තික් සාගරයේ එකවර සුළි කුණාටු 05 ක්

Mohamed Dilsad

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment