විදෙස්

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

(UTV | ඉන්දියාව) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය අසාදනය වූ රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ චීනයේ සංචාරයක නිරතව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මුම්බායිහි රෝහලක විශේෂිත ඒකකයකට ඇතුළත් කර ඇති බවයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ සහිත සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඒ අනුව උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය ආසාධනය වූවන් 830දෙනෙකු මේ වන විය චීනයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

විකිලීක්ස් නිර්මාතෘට එල්ලවන චෝදනා නැවත සලකා බලන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

නව අගමැති වැඩ ඇරඹේ

Mohamed Dilsad

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment