දේශීය

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

(UTV |යාපනය) – හොඳම දෙමළ ජාතික වෛද්‍යවරයා වශයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා තෝරාගෙන තිබේ.

ඒ කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසිනි.

ඒ වෙනුවෙන් ඔහුට හිමි සම්මානය හා සහතික පත්‍රය පිරිනැමීම පසුගිය 20 වැනිදා කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේදී සිදු කර තිබේ.

වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ හොඳම රාජ්‍ය සේවකයා තේරීමේ තරගයෙන්ද දෙවන ස්ථානය හිමි කරගත්තේය.

Related posts

කැන්ගරු කැබ්ස්, මගීන් සමග එක් වී, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක

Editor O

වතු කම්කරු පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment