දේශීය

සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

(UTV | යාපනය) –  පොලීසිය සිදුකළ වැටලීමකදී සමන්තුරේ, සෙල්නල්ග‍්‍රාමය ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු ද සමන්තුරේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග‍්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ විභාගයකට එරෙහි විරෝධතාවට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment