දේශීය

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්

(UTV | ජර්මනිය) – ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් හිටපු විදේශ අමාත්‍යවරයෙකු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට දඬුවම් නියම කර තිබේ.

අදාළ විත්තිකරුට එරෙහිව හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක්ජී.නවනීදන් නමැති එම පුද්ගලයාට ජර්මානු නීතියට ලබා දී ඇති බව වාර්තා වෙයි.

2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති මොහු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු බව ද අනාවරණය වී තිබේ.

ඔහු විසින් සරණාගතභාවය ලබාදීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී විත්තිකරු විසින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බවට ප්‍රකාශ කර ඇති අතර පසුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

Related posts

තවත් සිසුන් පිරිසක් චීනයේ සිට මෙරටට පැමිණීමට අපේක්ශාවෙන්

Mohamed Dilsad

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment