විදෙස්

ලොව දිගම කොණ්ඩයට හිමිකම් කියන ඇය

(UTV |ඉන්දියාව) – ලොව දිගම හිසකෙස් ඇති යෞවනිය ලෙස 17 හැවිරිදි ඉන්දියානු තරුණියක් සිය ඔටුන්න රඳවාගෙන තිබේ.

රූපලාවණ්‍යාගාරයකදී ඇති වූ අමිහිරි අත්දැකීමකින් පසු දශකයකට වැඩි කාලයක් පුරා ඇය හිස කෙස් වවා ඇත.

ඇය ගුජරාට් ප්‍රාන්තයේ මොඩාසා නම් කුඩා ගමේ ජීවත් වන නිලන්ෂි පටෙල්.

ඇය මෙම ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියා ඇත්තේ 2018 දෙසැම්බර් මාසයේදීය.

ඒ වන විට ඇගේ කොණ්ඩය සෙන්ටිමීටර 170.5 (අඩි 5.59) ක් දිගැති විය.

මේ වන විට ඇගේ කොණ්ඩයේ දිග සෙන්ටිමීටර 190 ක්වේ.

ඇගේ හිස කෙස් වර්ධනයේ රහස ලෙස ඇය පවසන්නේ මවගේ උදව්වෙන් සෑම සතියකම හිසකෙස් සෝදා සතියකට වරක් හෝ දෙවරක් තෙල් ගාන බවයි.

Related posts

ඇමෙරිකාව පුරා ජාතික කොඩි දින 05 ක් අඩකුඹු වෙයි

Mohamed Dilsad

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

බස් අනතුරකින් 17 මරුට

Mohamed Dilsad

Leave a Comment