කලා

විරේ දී වෙඩින් චිත්‍රපටයේ දෙවැන්නක්

(UTV | බොලිවුඩ්) -2018 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය වූ ” විරේ දී වෙඩින් “බොලිවුඩ් චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී මේ බව නිල වශයෙන් මාධ්‍යය දැනුම්වත් කර තිබේ.

මෙම චිත්‍රපටයේ ” කලින්දි පූරි ” ලෙස රංගනයෙන් දායක වූ කරීනා වටා මෙම නව නිර්මාණයේ කතාව ගෙතී ඇති අතර ඇයගේ එක්වීම මේ වනවිටත් ස්ථිර වී ඇතැයි මෙම හමුවේදි වැඩි දුරටත් ප්‍රකාශ වී ඇත.

කෙසේ වෙතත් පළමු චිත්‍රපටයේ රඟපෑ අනිකුත් නිළියන් තවමත් මෙම චිත්‍රපටයට දායක වෙනවාද නැද්ද යන්න නිශ්චිතව වාර්තා වී නොමැත.

Related posts

කේරලයේදී ප්‍රශංසාවට ලක්වූ මාලනිය [PHOTOS]

Mohamed Dilsad

අනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්

Mohamed Dilsad

AKON හොර රහසේ ලංකාවට

Mohamed Dilsad

Leave a Comment