කලා

විරේ දී වෙඩින් චිත්‍රපටයේ දෙවැන්නක්

(UTV | බොලිවුඩ්) -2018 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය වූ ” විරේ දී වෙඩින් “බොලිවුඩ් චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී මේ බව නිල වශයෙන් මාධ්‍යය දැනුම්වත් කර තිබේ.

මෙම චිත්‍රපටයේ ” කලින්දි පූරි ” ලෙස රංගනයෙන් දායක වූ කරීනා වටා මෙම නව නිර්මාණයේ කතාව ගෙතී ඇති අතර ඇයගේ එක්වීම මේ වනවිටත් ස්ථිර වී ඇතැයි මෙම හමුවේදි වැඩි දුරටත් ප්‍රකාශ වී ඇත.

කෙසේ වෙතත් පළමු චිත්‍රපටයේ රඟපෑ අනිකුත් නිළියන් තවමත් මෙම චිත්‍රපටයට දායක වෙනවාද නැද්ද යන්න නිශ්චිතව වාර්තා වී නොමැත.

Related posts

කොළඹ ගායන වෘන්දය එලි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

මලාලා පකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියා සමග යුග දිවියට

Mohamed Dilsad

ලෝකයේම ආකර්ෂණය දිනාගත්, සුපිරි ටික්ටොක් තරුව

Mohamed Dilsad

Leave a Comment