දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු වීම්

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට කටයුතු කර ඇත.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරුවීම් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 07 දෙනෙක්, පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු මෙලෙස ස්ථාන මාරුවීම් කර ඇත.

මෙම නිළධාරීන් අතරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන එස්. සමුද්‍රජීව, ආර්.එච්.එස් මාසිංහ, පී.පී ජයකොඩි, කේ.බී කීර්තිරත්න, ඒ.ජී.ඩී වීරසේකර, ඕ. හේවාවිතාරණ සහ පී.එම්.කේ.ඩී පලිස්කාර යන මහත්වරුන් අයත් වේ.

මීට අමතරව පොලිස් අධිකාරීවරුන් වන එම්.සී සෝමසිංහ, ජී.එච් ප්‍රශාන්ත, ඩී.එස් වික්‍රමසිංහ, පී.එන් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරීවරුන්වන එම්.සී සෝමසිංහ, එස්.ජී සතරසිංහ යන මහත්වරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සිපෙට්කෝ ලාබ 176%කින් පහළ වැටේ..

Editor O

කැලණි ගඟේ නාඳුනන මළසිරුරක්

Mohamed Dilsad

Leave a Comment