දේශීය

බස් රථයක් දුම්රියක ගැටෙයි

(UTV | කොළඹ) – අද (20) උදෑසන 7.30ට පමණ අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී සුඛෝපභෝගී බස් රථයක් ගැටී තිබේ.

දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර, එහි දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බවට වාර්තා වේ.

දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් තිබීම හේතුවෙන් වේනමුල්ල දෙසට වාහන ධාවනයට බාධා ඇතිවී ඇති බවට වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ඇරඹීමට අම්බලන්ගොඩ බස් නැවතුමෙන් මඟීන් නංවා ගැනීමට රියදුරු බස් රථය තම නිවසෙන් පිටත් කර ගමන් කරමින් සිටියදීයි.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

Mohamed Dilsad

දුම්කොළ සමාගමේ ලාබය සියයට 400%කි න් ඉහළට

Editor O

“අද තරුණ තරුණියන්ට අතීතය අමතකයි”

Mohamed Dilsad

Leave a Comment