දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

(UTV|කොළඹ ) – රැකියා අපේක්ෂිත සියලුම උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා බඳවා ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මෙම අදහස් පල කළේය.

එම හමුවට දිවයින පුරා සිටින රැකියා අපේක්ෂිත උපාධිධාරින් නියෝජනය කරන පිරිසක් පැමිණ සිටියහ.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගන්න බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා අවධානම නිසා වටවල ඇඟලුම් කර්මාන්තශාලාවක් වැසේ

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි සංශෝධිත අධිචෝදනා ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

බන්ධනාගාර සහ උසාවි අතර Skype  තාක්ෂනයෙන් නඩු කටයුතු කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment