දේශීය

නිදහස් පක්ෂ විනය කමිටුව ලබන මසට කල් යයි

( UTV | කොළඹ ) – පෙබරවාරි 8 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව යළි රැස්වීමට තීන්දු කර තිබේ.

අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව එම පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ එස්.බී. දිසානායකට මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාසම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් ඔවුන් අද රැස්ව ඇත.

ඔවුන්ට එල්ල වන චෝදනාව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයදැක්වීමයි.

Related posts

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ට ගැන රජය අලුතින්ම ගන්න යන තීරණය

Mohamed Dilsad

රතුපස්වල නඩුව ගම්පහ මහාධිකරණයේ විභාගයට

Mohamed Dilsad

Leave a Comment