දේශීය

අකුරැස්සේ හිටපු සභාපතිට 15 වසරක සිර දඩුවමක්

(UTV | කොළඹ) –  අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඩුවම් නියම කළේය.

ඒ , ඔහු වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබා දුන්නේය.

මෙහිදී රුපියල් විසිපන්දහසක දඩයක්ද නියම කෙරුණු අතර ඔහු එය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් අමතර වසරක සිර දඩුවමක් නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

දූෂණයට ලක්වූ දැරියට රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙසත් , එසේ නැත්නම් එම මුදල දඩයක් ලෙසින් අය කර ගන්නා බවත් දඩය ගෙවීමට අපොහොසත් වන්නේ නම් බරපතල වැඩ සහිතව තවත් අතිරේක වසර දෙකක සිරදඩුවම් ලබාදෙන බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ප්‍රකාශ කර සිටියේය.

Related posts

මැතිවරණ නීතී කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

Editor O

ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Mohamed Dilsad

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment