ක්‍රීඩා

වසර 15 ක් ඉන්දීය කණ්ඩායමේ බර ඇදපු දෝනිට කැපිල්ලක්

(UTV | ඉන්දියාව) –  ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවාවක් ඉටුකළ හිටපු නායකයකු වන එම්.එස්. දෝනි 2019-2020 ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් වන්නේ 2018 වසර දක්වා ඉන්දියානු රුපියල් කෝටි පහක ඉහළම කොන්ත්‍රාත්තුවක සිටි (“ඒ”) දෝනිට මින් අනතුරුව කිසිම කොන්ත්‍රාත්තුවක් ලබා නොදීමට පියවර ගැනීමයි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව දෝනි කිසිදු වෘත්තීය ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැත.

2019-2020 ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැයිස්තුව පහතින් ,

A+ මට්ටම (ඉන්දීය රුපියල් කෝටි 7) – විරාට් කෝලි, රෝහිත් ශර්මා, ජස්ප්‍රිට් බුම්රා

A මට්ටම (ඉන්දීය රුපියල් කෝටි 5) – ආර්.අෂ්වින්, රවින්ද්‍ර ජඩේජා, බුවනේශ්වර් කුමාර්, චෙටේෂ්වර් පුජාරා, අජින්කෙයා රහනේ, ශිකර් ධවාන්, මොහොමඩ් සාමි, ඉශාන්ත් ෂර්මා, කුල්දීප් යාදව්, රිෂාට් පාන්ට්, කේ.එල්.රාහුල්

B මට්ටම (ඉන්දීය රුපියල් කෝටි 3) – උමේෂ් යාදව්, යුස්වේන්ද්‍ර චහල්, හර්දික් පාණ්ඩ්‍යා, විද්‍රමන් ෂා, එම්. අගර්වාල්

C මට්ටම (ඉන්දීය රුපියල් කෝටි 1) – කෙදර් ජාදව්, මනිෂ් පාණ්ඩ්‍යා, හනුමා විහාරි, නව්දීප් සයිනි, දීපාක් චහර්, ශර්දුල් තාකූර්, එස්. අයියර්, වොෂින්ටන් සුන්දර්.

Related posts

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ රිදී ජුබිලිය සමරයි [PHOTOS]

Mohamed Dilsad

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය රජ වෙද්දී ශ්‍රී ලංකාව බිංදුවටම වැටෙයි

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලට දෛනිකව 18,000 ක පෞද්ගලික ආරක්ෂක බලඇණියක්

Mohamed Dilsad

Leave a Comment