දේශීය

සාෆිගේ නඩුවේ කරුණු දැක්වීමක් පිළිබදව CID ය කණගාටුවෙන්

(UTV | කොළඹ) –  සේවය අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ විමර්ශන පිලිබඳව අධිකරණයට කර ඇති කරුණු දැක්වීම් පිළිබඳව කණගාටුවට පත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) අධිකරණය හමුවේ සඳහන් කළේය. 

අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී මොහොමඩ් සාෆි සම්බන්ධ පරීක්ෂණවල නව විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා දෙමසක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නඩුව ලබන මාර්තු 14 වනදා යළි කැඳවීමට තීරණය කළේය.

Related posts

නවීන් දිසානායකට තනතුරක්

Editor O

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

Mohamed Dilsad

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment