දේශීය

මහනුවර බාලිකා පාසලක විදුහල්පතිනියක් 27 තෙක් රිමාන්ඩ්

(UTV | මහනුවර ) –  මහනුවර හිදගල සීවලී මහා විද්‍යාලයේ විදුහල්පතිනිය මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ. 

ඒ , පළමු වසරට ළමයෙකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක මුදලක් ලබා ගත් බව කියන සිද්ධියකට අදාළවයි.

සිය දරුවා පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක අල්ලස් මුදලක් විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් විසින් සිද්ධිය අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම නිලධාරීන්ගේ උපදෙස් පරිදි දරුවාගේ මව මුදල් ලබාදීම පිණිස ඉකුත් 14 වන දින විදුහල්පතිනිය හමුවීමට ගොස් තිබේ.

එහිදී අදාළ මුදල විදුහල්පතිනියට මව විසින් ලබාදෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් විදුහල්පතිනිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

අද පස්වරුවේත් වැසි

Mohamed Dilsad

අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවධානය

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තර කෙරේ

Editor O

Leave a Comment