දේශීය

මහනුවර බාලිකා පාසලක විදුහල්පතිනියක් 27 තෙක් රිමාන්ඩ්

(UTV | මහනුවර ) –  මහනුවර හිදගල සීවලී මහා විද්‍යාලයේ විදුහල්පතිනිය මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ. 

ඒ , පළමු වසරට ළමයෙකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක මුදලක් ලබා ගත් බව කියන සිද්ධියකට අදාළවයි.

සිය දරුවා පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක අල්ලස් මුදලක් විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් විසින් සිද්ධිය අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම නිලධාරීන්ගේ උපදෙස් පරිදි දරුවාගේ මව මුදල් ලබාදීම පිණිස ඉකුත් 14 වන දින විදුහල්පතිනිය හමුවීමට ගොස් තිබේ.

එහිදී අදාළ මුදල විදුහල්පතිනියට මව විසින් ලබාදෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් විදුහල්පතිනිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ජනාධිපති රටවල් තුනකට ලක්‍ෂ 18කින් ගියේ ෆුට්බෝඩ් ද..? – දිලිත් ජයවීර

Editor O

කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment