ක්‍රීඩා

කෝලි වරද පිළි ගනී

(UTV | ඉන්දියාව) – ඕස්ට්‍රේලියාව සමග ඊයේ (14) පැවති පළමු එක්දින තරඟය අත්හදා බැලීමක් සිදුකිරීමට යාම නිසා පරාජයට පත්වූ බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ප්‍රකාශ කර ඇත.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ තුන්වන ක්‍රීඩකයා ලෙස තරඟයේදී ක්‍රීඩා කරන නමුත්, ඊයේ තරඟයේදී සිය ස්ථානය වෙනස් කරමින් 4 වන ස්ථානයේ ක්‍රීඩා කිරීමට පැමිණීම නිසා මෙම පරාජය උරුම වූ බවයි .

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ඬේවිඞ් වෝනර් සහ අරොන් ෆින්ච් ඊයේ තරඟයේදී ඉන්දියාව ලබාදුන් ඉලක්කය පසුකර ගියේ ලකුණු 258 ක සබඳතාවය සමඟිනුයි.

ඉන්දියාවට එරෙහිව එක්දින තරඟයකදී ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වේ.

Related posts

කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mohamed Dilsad

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

Editor O

විරාත් කෝලී තිලකරත්න ඩිල්ෂාන්ව පරයා යයි..

Mohamed Dilsad

Leave a Comment