ක්‍රීඩා

කෝලි වරද පිළි ගනී

(UTV | ඉන්දියාව) – ඕස්ට්‍රේලියාව සමග ඊයේ (14) පැවති පළමු එක්දින තරඟය අත්හදා බැලීමක් සිදුකිරීමට යාම නිසා පරාජයට පත්වූ බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ප්‍රකාශ කර ඇත.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ තුන්වන ක්‍රීඩකයා ලෙස තරඟයේදී ක්‍රීඩා කරන නමුත්, ඊයේ තරඟයේදී සිය ස්ථානය වෙනස් කරමින් 4 වන ස්ථානයේ ක්‍රීඩා කිරීමට පැමිණීම නිසා මෙම පරාජය උරුම වූ බවයි .

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ඬේවිඞ් වෝනර් සහ අරොන් ෆින්ච් ඊයේ තරඟයේදී ඉන්දියාව ලබාදුන් ඉලක්කය පසුකර ගියේ ලකුණු 258 ක සබඳතාවය සමඟිනුයි.

ඉන්දියාවට එරෙහිව එක්දින තරඟයකදී ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වේ.

Related posts

කලම්බෝ කින්ග්ස් කණ්ඩායමට කාසියේ වාසිය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව​ට ලකුණු 20ක ජයක්

Mohamed Dilsad

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

Mohamed Dilsad

Leave a Comment