දේශීය

කොළඹ සරසවි සිසුන් 12 දෙනාට ඇප

(UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්වවිද්‍යාලයේ සිසුන් දොළොස් දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

ඒ අනුව එක් එක් සැකකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසත් සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙසත් තරයේ අවවාද මැද ඇප මත මුදා හැරියේය.

පසුගිය 08 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවේය.

Related posts

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවකයින්ට ඡන්දය දැමීමට වෙනම දිනයක්

Mohamed Dilsad

කටාර් රාජ්‍යයේ ගින්නකට හසුවීමෙන් මෙරට කාන්තාවක් මරුට

Mohamed Dilsad

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment