දේශීයප්‍රමුඛ පුවත 1

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]

(UTV | කොළඹ) –  හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මගින් 20 දෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

අද පෙරවරු 8.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක්වූ ස්ථානයේදියි.

දියගල ප්‍රදේශයේ නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන නිසා එම ස්ථානයේ රථ වාහන ධාවනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති අතර එම මංතිරුව ඔස්සේ බස් රථ දෙකම දෙපසින් ධාවනය කිරිම නිසා හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථය ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

අනතුරට පත් බස් රථ දෙකේම රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේය.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් 93 ක් අද නිවෙස් වෙතට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment