ව්‍යාපාරික

ලබන 13 වනදා මීළඟ බැඳුම්කර නිකුතුව නිකුත් වේ

(UTV | කොළඹ) –  ලබන 13 වනදා රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට මහබැංකුව සූදානම්ව සිටියි.

මෙහිදී වසර 03 යි මාස 08 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කරන බව මහබැංකුව ප්‍රකාශ කළේය.

වසර 10 යි මාස 04 කින් කල් පිරෙන පරිදි ඉතිරි මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කෙරෙන අතර , මේ මස 13 වනදා සිට 17 වනදා දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියට අදාළව ලන්සු ඉදිරිපත් කළ හැකි බව ද මහබැංකුව දැනුම් දෙයි.

ඇමරිකානු ඩොලර් මිලියන 100 දක්වා මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිතව ඇත.

Related posts

බිස්කට් සහ චොකලට් නිෂ්පාදනය කරන දැවැන්ත කර්මාන්තශාලාවක් හෝමගමට

Mohamed Dilsad

සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අද සිට

Mohamed Dilsad

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment