ව්‍යාපාරික

ලබන 13 වනදා මීළඟ බැඳුම්කර නිකුතුව නිකුත් වේ

(UTV | කොළඹ) –  ලබන 13 වනදා රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට මහබැංකුව සූදානම්ව සිටියි.

මෙහිදී වසර 03 යි මාස 08 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කරන බව මහබැංකුව ප්‍රකාශ කළේය.

වසර 10 යි මාස 04 කින් කල් පිරෙන පරිදි ඉතිරි මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කෙරෙන අතර , මේ මස 13 වනදා සිට 17 වනදා දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියට අදාළව ලන්සු ඉදිරිපත් කළ හැකි බව ද මහබැංකුව දැනුම් දෙයි.

ඇමරිකානු ඩොලර් මිලියන 100 දක්වා මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිතව ඇත.

Related posts

රත්මලාන ගුවන් තොටුපොළේ තාප්පයක් කඩා ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්

Editor O

රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය 20 වෙනිදා

Editor O

මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ හයිය

Mohamed Dilsad

Leave a Comment