දේශීය

රංජන්ගේ තවත් දුරකථන සංවාදයක් එළියට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථනයේ පටිගතව තිබු තවත් දුරකථන සංවාදයක් අද(10) මාධ්‍යට නිකුත් කරනු ලැබීය.

ඒ අද කොළඹ පැවති සිංහලේ සංවිධානයේ මාධ්‍ය හමුවකදීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර සිදුවූ දුරකතන සංවාදයක් මෙලෙස මාධ්‍යට නිකුත් කළේය.

එසේම සිංහලේ සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ එම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ රංජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත අනාවරණ කළහ.

Related posts

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

Mohamed Dilsad

වෘත්තීයවේදියෝ පාරේ

Mohamed Dilsad

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

Mohamed Dilsad

Leave a Comment