දේශීය

රංජන්ගේ තවත් දුරකථන සංවාදයක් එළියට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථනයේ පටිගතව තිබු තවත් දුරකථන සංවාදයක් අද(10) මාධ්‍යට නිකුත් කරනු ලැබීය.

ඒ අද කොළඹ පැවති සිංහලේ සංවිධානයේ මාධ්‍ය හමුවකදීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර සිදුවූ දුරකතන සංවාදයක් මෙලෙස මාධ්‍යට නිකුත් කළේය.

එසේම සිංහලේ සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ එම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ රංජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත අනාවරණ කළහ.

Related posts

අයි.ඩී.එච් රෝහලේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

සීතල බණ්ඩාරවෙල සලිත කරවමින් පාසල් දැරියකට සිදුවූ දේ

Mohamed Dilsad

Leave a Comment