දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (10) රාත්‍රී 10.00 සිට හෙට (11) උදාසන 10.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ අනුව කොළඹ 13 , කොළඹ 14 සහ කොළඹ 15 ප්‍රදේශ වලට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

තවද එම කාලය තුල කොළඹ 01 සහ කොළඹ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව සඳහන්.

ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ මීට හේතුව ප්‍රධාන නල පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් බවයි.

Related posts

පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා එෆ්ඩීජී නිෂ්පාදනයට ආයෝජන සැපයීමේ ගිවිසුමක්

Editor O

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අද

Editor O

Leave a Comment