දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (10) රාත්‍රී 10.00 සිට හෙට (11) උදාසන 10.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ අනුව කොළඹ 13 , කොළඹ 14 සහ කොළඹ 15 ප්‍රදේශ වලට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

තවද එම කාලය තුල කොළඹ 01 සහ කොළඹ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව සඳහන්.

ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ මීට හේතුව ප්‍රධාන නල පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් බවයි.

Related posts

මහනුවරින් සැප වාහනයක් හමුවෙයි.

Editor O

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

Mohamed Dilsad

ගංජා හේන මාමගේ නෙමෙයි මන්ත්‍රී බෑනගේ…? | පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්නේ ඒකයි…! – උදය ගම්මන්පිල…

Editor O

Leave a Comment