දේශීයප්‍රමුඛ පුවත 1

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අදයි

(UTV | කොළඹ) – අද (09) දුරුතු පොහොය දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බවත් එය වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය වන බවත් තාරකා විද්‍යාඥයන් පවසයි.

මෙම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 10.47 ට ඇරඹෙන අතර හෙට අලූයම 11.00 ට අවසන් වේ.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය සඳහන් කළේ එහි උච්චතම අවස්ථාව අද රාත්‍රී 12.40 ට එළැඹෙන බවයි.

නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වන්නේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසයි.

මේ වසරේ තවත් චන්ද්‍රග්‍රහණ 03 ක් යෙදී ඇති අතර ඒවා ජුනි 05, ජූලි 05 සහ නොවැම්බර් 30 යන දිනවල දිස්වනු ඇති බවට වැඩිදුරටත් සඳහන්.

Related posts

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

සැප විඳින 13 වෙනි මාසේ ලබද්දි, ඉස්පිරිතාලේ 25%ක් අතවශ්‍ය ඖෂධ නෑ…! – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න

Editor O

Leave a Comment