දේශීය

සාපෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පවසයි.

මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම්පත්‍ර මාර්තු 31 වනදාට පෙර යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයට හෝ වයඹ, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත් තුළ ස්ථාපිත කර ඇති එම දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය වෙත ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත් යොමුකළ හැකියි.

Related posts

මෙන්ඩිස් සමාගමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

පාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment