දේශීය

රවීන්ද්‍ර විපේගුණරත්නගේ නඩු තීන්දුව ලබන මාසයේදී

(UTV | කොළඹ) – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විපේගුණරත්න මහතා සහ අනෙක් විත්තිකරු නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මස12 වනදා ප්‍රකාශ කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දී තිබේ.

ඒ අධිකරණය හමුවේ විභාගවන නඩුවක ප්‍රධාන සැකකරුට අධිකරණය මගහැර සිටීමට ආධාර අනුබලදුන් චෝදනාව අනුවයි.

අදාල පැමිණිල්ල පිළිබඳ විමර්ශණ අවසන් කර එම වාර්තාව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.

2009 වසරේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාල නඩුවේ ප්‍රධාන සැකකරුට අධිකරණය මගහැර සැගව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට අදාලවයි මෙම නඩුව විභාගයට ගැනුනේ.

Related posts

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

Mohamed Dilsad

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරේ DNA සාම්පල එළියට

Mohamed Dilsad

Leave a Comment