දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් මේ මස සිට කැඳවයි

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මේ මාසය තුළදී ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් පමණ මැතිවරණ කොමිසම් සභාවේ ලියාපදිංචි වී තිබෙන අතර , එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ ඉල්ලූම්පත්‍ර ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බවයි.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බවත් , ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාම ලේඛනයෙන් පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment