දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් මේ මස සිට කැඳවයි

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මේ මාසය තුළදී ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් පමණ මැතිවරණ කොමිසම් සභාවේ ලියාපදිංචි වී තිබෙන අතර , එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ ඉල්ලූම්පත්‍ර ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බවයි.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බවත් , ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාම ලේඛනයෙන් පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

Related posts

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගමන් කළ 12 දෙනාම බේරාගනී

Editor O

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

Editor O

අද රාත්‍රියේ නිට්ටඹුවෙන් වැසෙන කොළඹ – නුවර මාර්ගය

Mohamed Dilsad

Leave a Comment