දේශීය

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හික්කඩුව, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී බව පොලිසිය පවසයි.

හික්කඩුව, මිල්ලගොඩවත්ත ප්‍රදේශයේදී මෙරට රැඳී සිටි ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක් සහ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස නගරයේ සංචාරක හෝටලයක රැඳී සිටි කටාර් සිට පැමිණි අරාබි ජාතිකයෙකු සහ තායිලන්ත කාන්තාවක් ද ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද දෙහිවල ප්‍රදේශයේදී ද වීසා නොමැතිව රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය සඳහන් කළේය.

Related posts

හිටපු ඇමති රාජිත සේනාරත්න ට වරෙන්තු

Editor O

විශ්ව විද්‍යාල ආරම්භය පිළිබඳව අවසන් තීරණය අද

Mohamed Dilsad

ග්‍රාම නිලධාරින් මඟින් වැඩිහිටි සහ රෝගාධාර දීමනා

Mohamed Dilsad

Leave a Comment