දේශීය

ගුවන් අනතුර ගැන රස පරීක්ෂණය සිදු කරයි

(UTV | හපුතලේ) – හපුතලේ ප්‍රදේශයේදී සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා පරීක්‍ෂණ පවත්වයි.

රජයේ රස පරීක්ෂකවරයා අද අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කළේය.

අනතුරින් මිය ගිය පිරිසගේ සිරුරු ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කෙරුණු අතර ඊට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය බදුල්ල මහ රෝහලේ සිදු කෙරෙනු ඇත.

ඊයේ උදෑසන 9.15 ට පමණ හපුතලේ තම්බපිල්ල මාවත, අයිස් පිල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් Y 12 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණි.

ගුවන් අනතුරින් එහි ගමන්කළ සිව්දෙනෙකු මියගියේය.

Related posts

බැංකු ගනුදෙනුකරුවන් ට දැනුම්දීමක්

Mohamed Dilsad

‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment