දේශීය

පාර්ලිමේන්තුව 1 දක්වා කල් තැබේ – නව සැසියට 600 ක පිරිසක්

(UTV | කොළඹ) –  අටවන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 10.00 ට ආරම්භ විය.

පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් , අගවිනිසුරුවරයා , උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුලු 600 කට අධික පිරිසක් සහභාගීවීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු රැස්වීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අනතුරුව පාර්ලිමේන්තුව පස්වරු එක දක්වා කල් දැමූ අතර පස්වරු 12.00 ට පක්ෂ නායක රැස්වීමක්ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.

Related posts

මාලිමා ආණ්ඩුවේ බිලියන 60ක කැබ් රථ ටෙන්ඩරය අන්ත දූෂිතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක

Editor O

ලංගම ට වැඩබලන සභාපතිවරයෙක්

Editor O

අද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment