ගල්ෆ්

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයට

(UTV |අබුඩාබි) – අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් එක්දින සංචාරයක් සඳහා අද (02) පාකිස්තානයට පැමිණියේය.

එහිදී පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ෂේක් මොහොමඩ් බින් සයීඩ් නූර් ඛාන් කඳවුරේදී ගෞරවනීය ලෙස පිළිගත්තේය.

පාකිස්තාන විදේශ කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව ෂෙයික් මොහොමඩ් ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ ඉස්ලාමාබාද් නුවරට පැමිණෙමින් සිටී.

ඔහු අවසන් වරට පාකිස්තානයට පැමිණියේ 2019 වසරේ ජනවාරි මාසයේදීය.

Related posts

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Editor O

අද බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

Editor O

Leave a Comment