දේශීය

ත්‍රිකුණාමලයේ ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට ආණ්ඩුකාරවරිය මැදිහත්වෙයි

(UTV | ත්‍රිකුණාමලය) –  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීමට ඉඩ හැර ඇති ඇති රාජ්‍ය ආයතන සහ නිවාසවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය පැවසුවාය.

අද (02) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතනවලට සහ පෞද්ගලික නිවාස වල ඩෙංගු මදුරුවන් ඇත්දැයි නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායම් පිටත්කර හරින බවද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

මීට අමතරව හෙට (03) සිට දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන පාසල් සහ නිවාස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට කටයුතු කරන බවත් , පාසල්වල ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කළාය.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

Mohamed Dilsad

පාඨලීගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

ආනයනික ලොකු ලූණු බද්ද සංශෝධනය කරයි.

Editor O

Leave a Comment