දේශීය

රාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV | රාගම) – රාගම – ගනේමුල්ල – කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ.

ඊයේ (01) රාත්‍රී 7 යි 50 ට පමණ නාඳුනන අයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවට වාර්තා වේ.

මෙය ගිය පුද්ගලයා මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කුලී පදනම මත වාහන ලබාදීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයෙක් ඊයේ (01) රාත්‍රියේ රාගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ තමන්ට අයිති වෑන් රථයක් කුලී පදනම මත රාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීම සඳහායි.

වෙඩි තැබීම සිදුකළ සැකකරු අද (02) අලූයම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැලිසර – තාප්පවත්ත ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසේ සැඟව සිටියදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හමුදාවෙන් පලාගිය අයෙකු බව වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර වෙඩි තැබීම සඳහා යොදාගත් මිලිමීටර 9 වර්ගයේ රිවෝල්වරයද පොලිස් භාරයට ගෙන තිබේ.

මියගිය ව්‍යාපාරිකයා සහ ඔහු මිතුරන් වන අතර, ඝාතනයට සිදුකිරීමට හේතුව පිළිබඳව නිශ්චිතව අනාවරණ වී නැත.

Related posts

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

බෝරා නායක ඇතුලු පිරිසකට මෙරටට පැමිණීමට අවසර

Mohamed Dilsad

වෛද්‍යවරු ප්‍රමාණවත් නැහැ ; කළුතර මාතෘ රෝහල ආරම්භ කිරීම ගැටළු සහගත තැනකට

Editor O

Leave a Comment