ගොසිප්

මහින්දට අධි සුඛෝපභෝගී ගුවන්යානයක්

(UTV | කොළඹ) – “මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතයට අධි සුඛෝපභෝගී ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් ‍ගෙන්වලා ඇති බවට පසුගිය ආණ්ඩුව විශාල බොරු ප්‍රචාරයක් ගෙනිච්චා. ඒ කාලයේදී ලබාගත් ගුවන් යානා 07ක් වෙනුවෙන් AIR BUS සමාගම තමයි ඒ කට්ටලය නොමිලයේ ලබාදුන්නේ” යනුවෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

ආණ්ඩු කාලසීමාවේ රුපියල් බිලියන 115ක  පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිදුකර ඇති බවත්  වසර 2015දී බලයට පත්වූ මෙම ආණ්ඩුව විදේශීය සමාගමකට රුපියල් මිලියන 80ක මුදලක් වැයකර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකිණීමේ සැලැස්මක් සකස් කර තිබූ බවත් එහිදී යෝජනා කර තිබුණේ සමාගම කොටස් කර විකුණා දැමීමට බවත් ඔහු පවසා සිටියේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30 වැනිදා) ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අතරවාරයේ මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී වැඩදුරටත් අදහස් දක්වා සිටි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙලෙසද පවසා සිටියේය.

 

Related posts

ලංකාවේ ආහාර වේලක මිල ඉහළට

Mohamed Dilsad

පොහොට්ටුවෙන් ඉල්ලන උවිඳු විජේවීර ගම්පහින් තරඟ බිමට

Mohamed Dilsad

කතුරු පහරක් කළ හදියක්

Mohamed Dilsad

Leave a Comment