ප්‍රමුඛ පුවත 1

අති විරල වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට දිස්වූ අයුරු [VIDEO]

(UTV | කොළඹ) –  අති විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද (26) ශ්‍රී ලංකාවාසීන්ට පෙරවරු 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළ දැකබලා ගැනීමේ අවස්ථාව උදාවිය.

සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ යාපනයේ ඩෙල්ෆ් දූපත දිශාවෙන් වන අතර , ඉන් අනතුරුව මඩකලපුව වාකරේ ප්‍රදේශයෙන් එය ඉවත්ව යනු ඇති.

මන්නාරම සහ වාකරේ නගරය යා කෙරෙන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙය වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් දකුණු ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වනු ඇති.

කිළිනොච්චිය ප්‍රදේශයට සූර්යග්‍රහණයේ වළයාකාර බවේ උපරිම අවස්ථාව දැක ගත හැකිය.

වළයාකාර සූර්යග්‍රහණයකදී සිදුවන්නේ සූර්යය චන්ද්‍රයාගෙන් ආවරණය වී වලල්ලක් ආකාරයට දිස්වීමයි.

අද ඇති වන සූර්යග්‍රහණයෙන් පසු නැවත වළයාකාර සූර්යග්‍රහණයක් ඇති වන්නේ 2031 මැයි 21 වැනිදා බවයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි.

මීට පෙර වළයාකාර සූර්යග්‍රහණයක් ලක්වාසීන්ට දැකගැනීමට හැකි වූයේ 2010 වසරේ ජනවාරි 15 වැනිදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරයේ වැඩසටහන් රැසක්

Mohamed Dilsad

හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

Mohamed Dilsad

Leave a Comment