ප්‍රමුඛ පුවත 1

ජා -ඇලදී සැකකටයුතු 5 ක් නාවික හමුදා භාරයට

 

(UTV | කොළඹ) – ජා-ඇල ප්‍රදේශයේ සිදු කල විශේෂ පරික්ෂා කිරීමකදී සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. 

 නාවික හමුදාව විසින් ජා-ඇල රත්නවාලි සිනමාහල ඉදිරිපිට සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර ඇති අතරඑම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන්ගේ සැකකටයුතු හැසිරීම් සහ ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් සැකපිට නාවික හමුදා බාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයින් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදි ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 30 ත් අතර වියෙහි පසුවන මට්ටක්කුලිය සහ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අය බව හඳුනාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කීපයකට අදත් තද වැසි හා සුළං

Mohamed Dilsad

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

සාපෙළෙ ප්‍රතිඵල ලබන 28 නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment