ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකට අදත් තද වැසි හා සුළං

(UTV | කොළඹ) – බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට අදත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිතදිග මෝසම දිවයින පුරා ස්ථාපිත වීම හේතුවෙන් කළුතර, රත්නපුරය, ගාල්ල, මාතර, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100ත්, 150ත් අතර තද වැසි අපේක්ෂා කරයි.

එමෙන්ම, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී පවතින බවත් ඒ හේතුවෙන්, දිවයිනේ විශේෂයෙන් නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරයි.

මීට අමතරව ගිගුරුම් සහිත වැසි ඇති වන ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර , අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

Related posts

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට නව නිවසක්

Mohamed Dilsad

Leave a Comment