ප්‍රමුඛ පුවත 1

කැළණි ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට

(උදයම්,කොළඹ)  – කැළණි ගඟේ ගිරිදර කපුගොඩ තොටුපලේ දිය නෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වෙති.

ඊයේ පස්වරුවේ දොම්පේ ප්‍රදේශයේදී  දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 27 ක් සහ 29 ක් වයසැති දෙදෙනෙකි.

දේහ දොම්පේ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

Related posts

බස් ගාස්තුද වැඩි වන ලකුණු

Mohamed Dilsad

ඉතිහාසය, ආගම හෝ භාෂාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment